Home Profile Academics Facilities Projects Union Join Us Donate Contact Us
 
 
 
 

Dharmaraja News
පූජිත් ඔබ තවමත් ප්‍රමාද නැත

පූජිත් ජයසුන්දර මහතා මට 2003 වසර පමණ කාලයේදී හැව්ලොක් ටවුමේ පොලිස් පාක් පිට්ටනියේ සවස දුවන්නට යන විට හමුවන්නේය​. එකල ඔහු පොලිස් නිලධාරීන් පිරිවරාගෙන ඔවුනට රගර් පුහුණුවේදී අවශ්‍ය කෙරෙන මෝටිවේෂන් දෙන අයුරු මම නිතරම දුටුවෙමි. ඔහු හොඳ කථිකයෙකි. සුහද මිනිසෙකි.

2008 වසරේදී මට පූජිත් ජයසුන්දර මහතා කුරුණෑගල මත් ද්‍රව්‍ය නිවාරණ සැසියකදීද හමු විය​. එම සැසියේදී මා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන ලදි. පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කල එවකට ඩී.අයි.ජී කෙනෙකු වූ පූජිත් ජයසුන්දර මහතා ඉතා තර්කාන්විතව කතා කලේය​. එදින ඔහු යම් දිනෙක පොලිස්පතිවරයා වෙන්නේ නම් මැනවි කියා මට සිතුනි.

පූජිත් ජයසුන්දර මහතා පොලිස්පතිවරයා වූ විට මට මෙම සිද්ධිය මතකයට ආවේය​. නමුත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පිළිගැනීම වෙනුවෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදි ශිෂ්‍යයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද උත්සවයකදී තමන් පොලිස්පති වූයේ ජය පිරිතයි අටවිසි පිරිතයි තුන් වතාව තුන් වතාව කීමෙන් යන ආන්දෝලනාත්මක කතාව කීවේය​. ඉන් පසු ප්‍රසිද්ධ වේදිකාවකදී තමන්ට ආ දුරකථන ඇමතුමකට ; ඕකේ ඕකේ සර්, හරි සර්, අරස්ට් කරන්න දෙන්නැහැ සර්, හරි සර් මං කියන්නම්, එහෙමයි සර්, ඔකේ ඔකේ - කියා කියමින් රටට විස්මය සැපයූයේය​. මෑතකදී පොලිස් නිලධාරීන්ට භාවනා කිරීමට නියෝගයක් පණවා භාවනා නොකර විදුලි සෝපානය ක්‍රියාත්මක කිරීමේ රාජකාරිය ඉටු කල එම්. සමරකෝන් බණ්ඩා නම් සුළු සේවකයාට පහර දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති ලුඩොවයික් මහතාටද බැණ වැදුනු බව ලංකා නිවුස් වෙබ් විසින් වාර්තා කරන ලදි.

පොලිස්පති වීමට පෙර හොඳ නායකත්වයක් මෙන්ම ප්‍රගාමී අදහස් තිබූ පූජිත් ජයසුන්දර මහතා බලය ලැබීමෙන් පසුව මනප්පු කෙනෙකු වීම අප විසින් අපේක්‍ෂා නොකල බව කිව යුතුය​. ශ්‍රී ලංකා පොලිසිය වෘත්තීය මට්ටමට ගෙන ඒමත් ; මත් ද්‍රව්‍ය උවදුර , පාතාලය , අපරාධ මැඩලීමට පියවර ගැනීමත් ඔහු විසින් කල යුතුය​. නමුත් තවමත් එම කර්තව්‍යන් සිදු වන බවක් නම් නොපෙනේ

පූජිත් ඔබ තවමත් ප්‍රමාද නැත​. හොඳ ගැඹුරු පිය සටහනක් පොලිස් දෙපාර්තමේන්තුවේ තබා යන්න​.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

 
Home ProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact Us