Home Profile Academics Facilities Projects Union Join Us Donate Contact Us
 
 
 
 

Dharmaraja News
'කොණ්‌ඩේ කපන්න' අවවාදයට

 

'කොණ්‌ඩේ කපන්න' අවවාදයට
ශිෂ්‍ය නායකයාට මහපාරේදී තඩිබාන
මහනුවර 'ඉස්‌කෝල චණ්‌ඩි'
සමාජජාල වෙබ් අඩවි වීඩියෝපටය නිසා හතරදෙනාම මාට්‌ටු

ගයාන් සමරසිංහ

සමීර මහනුවර ධර්මරාජ විදුහලේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි. එහෙත් ඔහු
කෙරෙන් දිස්‌වූයේ පාසල් අධ්‍යාපනය අතරමඟ නතර කර දමා රස්‌තියාදු ගහන
තරුණයකුගේ පෙනුමට සමාන පෙනුමකි. ඇත්තටම ඔහු පාසල තුළ දඩබ්බරයෙක්‌ විය. ඒ
සඳහාම සරිලන යහළුවන් පිරිසක්‌ ඔහුට සිටියේය. වෙනත් සිසුන් ඉගෙනීමට වෙර
දරද්දී සමීර පාසල තුළ චණ්‌ඩියකු වීමට උත්සා කළේය.

පසුගිය සතියේ එක්‌ දිනක සමීර පාසල නිමවී නිවසට පැමිණියේ ඉමහත්
කේන්තියකිනි. පාසල් බෑගය පසෙකට වීසිකර දැමූ ඔහු කෙළින්ම තම සහෝදරයකු
මුණගැසි මෙලෙස පැවසුවේය.



"අයියේ මට ආයි ඉස්‌කෝලේ යන්න බැරි තත්ත්වයක්‌ උදාවෙලා තියෙන්නේ..."

"ඇයි මල්ලි මොකක්‌ද අවුල"

"දවස්‌ ගානක ඉඳන් ප්‍රිෙµක්‌ කෙනෙක්‌ මගේ කොණ්‌ඩෙ කපන්න කියනවා. බේරෙන්නම
බැහැ. සර්ලට නැති කැක්‌කුමක්‌ ඌට තියෙන්නෙ. අදත් මට කිව්වා හෙට එනකොට
අනිවාර්යෙන්ම කොණ්‌ඩෙ කපන් එන්න කියලා.

"ඉතින් උඹ මොකද කිව්වේ"

"අයියා දන්නවනෙ... මම මේ කට්‌ එකට ආසයි කියලා. ඒක නිසා මට කොණ්‌ඩෙ කපන්න
නම් බැහැ අයියේ...."

"උඹට මම කොණ්‌ඩෙ කපන්න කිව්වෙ නැහැනේ. ඌගෙ මූණ කට සමතලා වෙන්න දෙකක්‌
දීලා ආවනම් හරිනේ. ඉතුරු හරිය මම බලා ගන්නවනේ..."

"ගහන්න බැරි කමක්‌ නැහැ අයියෙ ඒ යකාට. ඒත් ඌ ප්‍රිෙµක්‌ කෙනෙක්‌නෙ.
ඉස්‌කෝලෙන් කේස්‌ එක එන්නෙ මට...."

"ඒකත් ඇත්ත නේන්නම්. උඹ පැත්තකට වෙලා හිටපන්. මම බලා ගන්නම් ඌ ගැන. මට
ඌගෙ නම කියපන්? අපිට පාට්‌ දාන්න කාටවත් ඉඩ දෙන්න බැහැ, මේ බජාර් එකේ."

ලක්‌මාල් මහනුවර ධර්මරාජ විදුහලේ ශිෂ්‍ය නායකයෙකි. පාසලේ ජනප්‍රිය
චරිතයක්‌ වූ ඔහු ඉගෙනීමට මෙන්ම ක්‍රීඩා කටයුතුවලටද එකසේ දක්‌ෂතා
දැක්‌වූවේය. එම පාසලේ ගුරුවරු මෙන්ම සහෝදර සිසුන්ද ඔහුට දැඩි
ලෙන්ගතුකමක්‌ දැක්‌වූහ.

සමීර නවීන විලාසිතාවකට අනුව කොණ්‌ඩය කපා පාසලට පැමිණියේ පසුගිය සතියේ
සඳුදා දිනකය. එම විලාසිතාව පාසල් සිසුවෙකුට කිසිසේත් උචිත වූයේ නැත.
සමීරගේ දෙමාපියන් එම කොණ්‌ඩා විලාසිතාව දුටුවත් ඔවුන් ඒ සම්බන්ධයෙන්
සමීරට කිසිම අවවාදයක්‌ දුන්නේ නැත. එයින් හැඟවෙනුයේ ඔවුන්ද එම කොණ්‌ඩා
විලාසිතාවට කැමැත්තෙන් සිටි බවයි. එය කෙසේ වෙතත් ලක්‌මාල් පාසලේ දී
සමීරගේ කොණ්‌ඩ විලාසිතාව දුටුවේය.

සිසුන්ගේ විනය පිළිබඳව සොයා බලා උපදෙස්‌ දීමට ශිෂ්‍ය නායකයකුට අයිතියක්‌
ඇත. ලක්‌මාල් එම බලතල පාවිච්චි කරමින් සමීරට පැවසුවේ ඔය කොණ්‌ඩ මෝස්‌තරය
පාසලට නොගැළපෙන බැවින් කපා දමන ලෙසයි. එහෙත් සමීර එය පිළිනොගත්තේය. දින
කිහිපයක්‌ ගතවූවත් ඔහු එම කොණ්‌ඩා විලාසිතාව වෙනස්‌ නොකළේය. දින
කිහිපයක්‌ අවවාද කළ ලක්‌මාල් අවසන් වරට පැවසුවේ යළි පාසලට පැමිණෙන විට
කොණ්‌ඩය කපාගෙන නොපැමිණියහොත් විදුහල්පතිවරයාට ඒ බව දන්වන බවයි.

අධ්‍යාපන කටයුතු සඳහා වැඩි උනන්දුවක්‌ නොදැක්‌වූ සමීරට එම වචන ටික
ඇසීමෙන් අධික ලෙස කේන්ති ගියේය. ඔහු යහළුවන්ට පැවසුවේ "මූ දඟලනවා වැඩියි.
මගේ කොණ්‌ඩෙ කපන්න ගිහින් තමයි ඌ ඇන ගන්නේ. බලපංකො මම ඕකට කරන දේ..." එය
අසා සිටියේ ඔහුටම සරිලන යහළුවෝ පිරිසකි. ඔවුන්ද සමීරට උඩ ගෙඩි දුන්නේ
"ඕකා පණ්‌ඩිතයා. නිතරම සර්ලට කේළම් කියනවා. අනිවාර්යෙන් ඕකට අමතක නොවන
පාඩමක්‌ උගන්වපන්" කියාය.

සමීරට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකි. ඔවුහු රැකියාවක්‌ නොකළ අතර පාසල්
අධ්‍යාපනය අවසන් කර වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරුවෝය. එයට අමතරව නුවර
නගරයේ කොල්ලො කුරුට්‌ටන් සමඟ රස්‌තියාදු ගැසීමද ඔවුන්ගේ ජීවිතයේa එක්‌
අංගයක්‌ විය. එලෙස රස්‌තියාදු ගහන මොහොතක සමීරගේ වැඩිමහල් අයියා යහළුවන්ට
මෙලෙස පැවසුවේය.

"මචං මාර වැඩක්‌ වෙලා තියෙන්නේ... අපේ පොඩි මල්ලිගේ කොණ්‌ඩෙ කපන්න කියලා
ප්‍රිෙµක්‌ කෙනෙක්‌ කියලා තියෙනවා. ඌ ඉන්නේ ඒකට මාර අවුලෙන්..."

"ඇයි බං ඕක කලින් නොකිව්වෙ අපිට" එක්‌වරම යහළුවෙක්‌ ඇසුවේය.

"මචන් ඌ කිව්වෙ ඊයෙ. මූට ඉක්‌මනටම ගේමක්‌ දෙන්න ඕන. නැත්නම් අපි සවුත්තු වෙනවා..."

"එහෙනම් අපි හෙට ඉස්‌කෝලෙ ඇතුළටම ගිහිල්ලා ඕකට ගහමු. අපි නොදන්න තැනක්‌
නොවෙයිනෙ. කාලයක්‌ ඇවිත් ගිය තැන නෙ..."

"එහෙම ගිහිල්ලා ගහන එක අනතුරුදායකයි" තවකෙක්‌ කීය.

"ඒකත් ඇත්ත. එහෙනම් අපි ඉස්‌කෝලෙ ඇරිලා ඌ ගේට්‌ටුවෙන් එළියට එනකොටම ගහමු"

"ඒක හොඳ අදහස. එතකොට වටේ පිටේ ඉන්න අයත් දැන ගනියි අපේ තරම. හෙටම වැඩේ
කරලා දාමු" සමීරගේ වැඩිමහල් සහෝදරයා පැවසුවේය.

එලෙස කතා කරගත් පරිදි පසුදිනම ලක්‌මාල්ට පහරදීමට එම මෝඩ රැළ තීරණය කළේය.
එම මෝඩ රැළට සමීරගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනා සහ ඔවුන්ගේ යහළුවෝ
දෙදෙනෙක්‌ එකතු වූවෝය. එදින නිවසට පැමිණි පසු සමීරට ඔහුගේ සහෝදරයෝ සියලු
විස්‌තර පැවසූහ. එය ඇසීමෙන් සමීර මහත් සතුටට පත්විය. පසුදින පාසල් පැමිණි
සමීර තම යහළුවන්ට "බලපන් අර පණ්‌ඩිතයාට අද වෙන දේ" කියා පුරසාරම් දෙඩීය.

ලක්‌මාල් පාසල අවසන් වී නිවස බලා යැමට පාසල් ගේට්‌ටුවෙන් එළියට
පැමිණියේය. පාසල ඉදිරිපිට වෙනදා මෙන් දෙමාපියන් ඇතුළු විශාල පිරිසක්‌
රොක්‌වී සිටියේ තම දරුවන් රැගෙන යැම සඳහා ය. කොහේදෝ සිට පැමිණි
සිව්දෙනෙක්‌ ලක්‌මාල්ට හොඳ හැටි අතින් පයින් පහර දුන්නේය. කිසිවක්‌ කරගත
නොහැකිව අසරණ තත්ත්වයට පත්වූ ලක්‌මාල් ඔළුව පහත් කරගෙන මැරයන්ගේ ගුටි
බැටවලට මුහුණ දුන්නෝය.

ලක්‌මාල්ට පහරදෙන අවස්‌ථාවේ පාසලේ මුරකරු ඇතුළු වැඩිහිටියන් විශාල
පිරිසක්‌ එම ස්‌ථානයේ සිටියහ. එහෙත් ඒ කිසිවෙකුවත් ලක්‌මාල්ව බේරා ගැනීමට
ඉදිරිපත් වූයේ නැත. හමුදා නිල ඇඳුමකට සමාන ඇඳුමක්‌ ඇඳගත් පුද්ගලයෙකුත් එම
මොහොතේ සිටි අතර ඔහු කිසිදෙයක්‌ නොවුණ ගානට සිටියේය. ලක්‌මාල්ට ඇති
වෙනකම් පහරදුන් එම රස්‌තියාදුකාරයෝ (සමීරගේ සහෝදරයෝ ඇතුළු සිව්දෙනා)
ස්‌ථානයෙන් පැන ගියේ "අපිට ඉහළින් යන්න කවුරුත් දඟලන්න එපා. එහෙම වුණොත්
කරන්නේ මෙහෙමයි" යනුවෙන් පවසමින්ය.

සමීරගේ සහෝදරයන් සිතුවේ සිද්ධිය එතැනින් අවසන් වේවි යෑයි කියාය. එහෙත්
එසේ නොවුණි. එම සිසුවාට පහරදෙන අයුරු සීසීටීවී කැමරාවක පැහැදිලිව සටහන්
වී තිබුණු අතර පසුව එම වීඩියෝව කවුරුන් හෝ අන්තර්ජාලයට දමා තිබුණි. ඒ
හරහා විශාල පිරිසක්‌ එම වීඩියෝව නැරැඹූහ.

ලක්‌මාල්ගේ දෙමාපියන් සමාජයේ වැදගත් ලෙස අහිංසකව ජීවත් වන පවුලකි.
එබැවින් ඔවුහු තම පුතාට පහරදුන් පිරිස ගැන පොලිසියේ පැමිණිල්ලක්‌ දැමීමට
පවා බියවූහ. හිතමිතුරන් පොලිසියේ පැමිණිල්ලක්‌ දමන ලෙස ඔවුනට පැවසුවත් තම
පුතාට කරදරයක්‌ වේ යෑයි යන බිය මත ඔවුහු නිහඬව සිටියෝය.

එලෙස ලක්‌මාල්ගේ දෙමාපියන් නිහඬව සිටියත් වීඩියෝව නරඹපු බොහෝ පිරිස්‌ එම
පහරදීම සිදුකළ පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්නා ලෙස අදාළ බලධාරින්ට බල කළහ.
අවසානයේ පොලිසිය පැමිණිල්ලක්‌ නැතිවම එම පහරදීම සිදුකළ සිව්දෙනාව
අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පත්කර ඇත.

මහනුවර ප්‍රසිද්ධ පාසලක්‌ ඉදිරිපිටදී දෙනෝදාහක්‌ බලා සිටියදී පිටතින්
පැමිණි සිව් දෙනකු පාසල් සිසුවකුට අමානුෂික ලෙස පහරදෙන විට එම සිසුවා
බේරා ගැනීමට කිසිවකුත් ඉදිරිපත් නොවීම තුළින්ම වර්තමාන සමාජය කෙතරම්

 
Home ProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact Us