Home Profile Academics Facilities Projects Union Join Us Donate Contact Us
 
 
 
 

Dharmaraja News
සංගාගෙ රඟ !

(මේ අතුරු දළින් ලද කතා පුවතකි.)

"මේක සංගා ගැන ඕගොල්ලො කවුරුවත් නොදන්න කාතාවක්. කියවා  බලන්න.

උදේ හවස යන එන පාරේ,
හැමදාමතමබිරියත්සමගජීවිතයජයගන්නනෙමේජීවිතයජීවත්කරවන්නකොස්විකුණනසමන්,
සංගාටඅලුත්දසුනක්නොවීය.
සංගාගේ සුඛෝපබෝගී රිය මාදිවෙල කිබුලාවල හන්දියේ කොස් සමන් ලඟ නවතින්නෙ
සංගා තුලකොස්කන්නට තිබූ අශාවටත් වඩා මේ අහිංසක මිනිස්සුන්ට උපකාරයක්
කිරීමට අවශ්‍ය බැවිනි.

කිසිම දිනක කොස් මිලදීගෙන ඉතුරුසල්ලි ආපසු ලබානොගන්නා සංගා විටක සමන්ලා
සමග විනාඩි කිහිපයක් දොඩමලුවෙයි.
සමන්ගේළමයින්ටපළතුරක්, රසකැවිල්ලක් හෝ සෙල්ලම් බඩුවක් ගෙනඒමට සංගා
කිසිවිටකත් අමතක නොකරයි.

සමන්ටසහඔහුගේබිරිදටසංගාගේනිහතමානීකමගැනකීමටවචනනැත.


ඒ ලෝක ප්‍රකට ක්‍රීඩකයාමද යන්න සිතා ගැනීමටත් නොහැකි ලෙස සංගා ඔවුන්ට කුලුපග විය.
පාන්දරතුනටනැගිටකෝස්ගස්බඩගා,
මදිපාඩුවට තමන් සතු තීරෝදරියෙන් පිටකොටුවට ගොස් ගෙන එන කොස් විකුනා
එදාවේල සරිකරගන්නා සමන්ලාට මෙය සිහිනයක්ම විය.

දිනක් සංගාකිබුලාවල පසුකරමින් යද්දී දුටුවේ සමන් එහි වෙලාදාමේ නොයෙදෙන බවයි. දෙවන,
තෙවන දිනයන්හීද සමන් අදාල ස්ථානයේ වෙළඳාමේ නොයෙදෙද්දී සංගාගේ හිත නොසන්සුන් විය.
සිව්වන දිනයේදී සංගා සමන්ගෙ කූඩා පැල්පත සොයා ගමන් ඇරඹුවේය.
මගදිගට පාර අසාගෙන අදාල නිවසසොයා ගිය සංගාට සමන් හමු නෝවීය.
ඒ වෙනුවට සමන්ගේ බිරිද "අනේ බුදුමහත්තයෝ බලන්න අපිට උන වින්නැහිය"
කියා සංගාලග දනින් වැටෙන්නට විය.

"හරි අක්කෙ කලබල නැතිව මට කියන්න, කෝ සමන්. මොකක්ද වුන කරදරේ?"
"මමකියන්නම්මහත්තයෝයමුතියනහැටියටගේඇතුලින්වාඩිවෙලාඉමු" ඒසමන්ගේබිරියයි.

එම ආරාධනාව ඉතා නිහතමානීව පිලිගත් සංග ඒ පැල්පත තුලටවිත් පුටු කබලකට
බරදුන්නේ සිදුවූදේ අසා දැනගැනීමටය.

"ඉතිං අක්කෙ මොකක්ද උනා ඇයි කියපු කරදරය?"

ඉන්පසුව සිහින් ඉකිබිදුමක් සමග තමන්ට සිදුවූ කරදරය සමන්ගේ බිරිය සංගා
ඉදිරියේ කියා සිටියේය.

එය ඇයගේම වචනවලින් මෙසේය.

"මෙහෙම ජපන්මිත්‍රත්ව පාරට දාල ටිකක් දුර යද්දි කොල්ලො දෙනෙක් අත දාල
නවත්තලා අයියෙ කොටුවට යන්න පුළුවන්ද කියල අහල තියනව.
ඉතින් නිකං යන එකේ පැට්‍රල් වියදම හරි පිරිමැහෙනවනෙ කියල සමන් කියල තියනව
රුපියල් 300
දෙන්න මල්ලි මම ගිහින් දාන්නම් කියල."

"මෙහෙම ටිකදුරක් යද්දි එක පාරටම පිටිපස්සෙ ගියඑකෙක් සමන්ගෙ බෙල්ලට
පිහියක් තියල කලබල නොකර ත්‍රීවිල් එක නවත්තපන් කියල.
සමන් පනට ආදරේ නිසා එහෙම්ම ත්‍රීවිල් එක නවත්තල.
ඊටප්ස්සෙ එකෙක් බැහැල ඇවිත් සමන් ගෙ පර්ස් එක අරන් සමන්ව එලියට ඇදලදාල
ත්‍රීවිල්එකේම පැනල ගිහින්.
පර්ස් එකේ කොස් ගේන්න ගියසල්ලි රුපියල් 3000 විතර් තිබිල තියෙන්නෙ."

"වෙච්චි දේ ගැන අදහා ගන්න්ට බැරිව වගේ විනාඩිගානක් එහෙම්ම හිටපු  සමන්
තෝන්තුවෙන් වගේ ආපහු ගෙවල් පැත්තට ඇවිදන් එද්දි තමන්ගෙ ත්‍රීවිල්එක
පාරඅයිනෙ ලඳුකැලෑවක තියෙනවදැකල ඒ පැත්තට ගිහින් තියනව මහත්තයො."

"ඒ යද්දි අරුන් දෙන්න එතෙන ඉදල, එකෙක් සමන්ව අල්ලගෙන. මූ අපිව හොයාගෙන ඇවිත්.
මූව ඉවරකරල දාපන් කියල අනිත් එකා උල්පිහියක් අරන් සමන්ගෙ දිහාවටඇවිත්
තියනව එතකොට තමා සමන්ට මතක්වෙලා තියෙන්නෙ ත්‍රීවීල්එකේ කොස්මැල්ලුම් කපන
වක්පිහිය තියනව කියල.
ක්ෂනිකවක්‍රියත්මකවුනසමන්තමන්වඅල්ලන්හිටපුඑකාගෙයටිබඩටපාරක්ගහලත්‍රීවිල්එකගාවටදුවංගිහිංවක්පිහියඅරගෙනපිහියඅතේතිබ්බඑකාටඇනගෙනඇනගෙනගිහින්."

"ඌ එහෙම්ම එතෙනම මරිල. අනිකදු වල.
පස්සෙ මහත්ත්යො සමන් අරමැරිච්ච එකාගෙ මිනියත් වීල් එකට දාගෙන තලංගම
පොලිසියට ගිහින්.
පොලිසියෙන් තමා කියල තියෙන්නෙ ඒ මැරිච්ච එකා නම ගිය මංකොල්ලකාරයෙක්කි යල."

"පහුවදා සමන් උසාවි දැම්ම. අපිට ලෝයර්ල අල්ලන්න සල්ලි නෑ මහත්තයො පස්සෙ
සමන් වදවස් 14
ක් රිමාන්ඩ් කලා."

මෙතෙක් වෙලාවක්  සාමදානව කතාව අසා සිටි සංගා "දැන් අක්කෙ   අක්කල කන්නෙ
බොන්නෙ කොහොමද?"

"අපි නම් කමක් නෑ මහත්තයො, පොඩිඑකා බඩකින්නෙ අඬද්දි තමා ඉවසං ඉන්න බැරි කියා"
සමන්ගේබිරියකිව්වාය."

වහාම සිය ජංගම දුරකතනය අතටගත් සංගා පළමුව සිය බිරිඳව අමතා සිදුවීඇති දෙය
සැකෙවින් පහදා සමන්ගේ පවුල්ට අවශ්‍ය කළමනා රැගෙන එනලෙස කියා සිටියාය.

ඉන්පසුව සිය නීතිවිද්‍යාලයේ මිතුරෙකුව සිටි වර්තමානයේ ප්‍රසිද්ධ ලොයර්
කෙනෙක් ඇමතූ සංගා සමන්ගේ බිරිය සමගින් ගොස් ඔහුව මුනගැසී සිද්දිය ඔහුට
පවසා ඇත.
පසුව වැලිකඩ බන්දනාගාරයට ගොස් ලෝයර් සමග සමන්ව මුනගැසුනු සංගා මෙම නඩුව
කතාකිරීමට සියමිත්‍රයාට පැවරුවේ සියලු වියදම් තමන් දරනා බවද ප්‍රකශ
කරමිනි.

ආත්මාරක්ශාවට මෙමමිනීමැරුම සිදුකර ඇතිබවට කරුනු දක්වා ඊලඟ නඩු වාරයේදී
සමන්ට ඇපලබාගැනීමට සංගාගේ මිත්‍රයා සමත්විය.
ඒ සදහා දමුදල් සංගාගෙනි.

ඊට මාස තුනකට පසු සමන් නිදහස් කරගැනීමට සංගාගේ මිත්‍රයා සමත්වෙයි.

අදටත් මේ පවුල සංගාට පින්දෙයි.
නොපෙනෙන දෙවියන් නොවඳින ඔවුන් සංගාගේ රූපයක් බුදුපහනට යටින්අදටත් එල්ලාතිබේ.

(උපුටාගැනීමකි. මෙය අප දැමීමට අදහස් කළේ,
සංගා යනු නියම මහත්මා ගතිගුණ වලින් පිරි අපද ඉමහත් ගෞරවයෙන් සළකනුලබන
සැබෑවීරයෙක් වන නිසාය)"

 
Home ProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact Us