Home Profile Academics Facilities Projects Union Join Us Donate Contact Us
 
 
 
 

Dharmaraja News
ධර්මරාජ විදුහලේ පළමු සිනමා

“මම මහනුවර සුදුහම්‍පොළ උපන්නේ. ඉගෙන ගත්තේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ. ඒ කා‍ලේ අපි ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. අපේ විදුහල්පති එස්.ඒ. විජේතිලක මහතා. අපි දැඩි විනයක් සහිතවයි ඉගෙන ගත්තේ. මම පාස‍ලේ වේදිකාවේ ඉංග්‍රීසි නාට්‍ය කිහිපයක රඟපෑවා. විශේෂයෙන් ශේක්ස්පියර් නාට්‍යවල. ඒ විතරක් ‍නෙවෙයි මහනුවර වයි.එම්.එම්.සී. එකෙ තිබුණ බොඩි බිල්ඩින් රූම් එකට ගිහින් ශාරීරික ව්‍යායාම් කළා. මේ නිසාදෝ මම ඒ කා‍ලේ කඩවසම් ඉලන්දාරියා කියලා යාළුවෝ නිතර කිව්වා.

සුමිත් යාළුවෝ සමග නුවර පෙරහර බැලීමට ගිය දවසක ‘චිත්‍රපට පිස්සෙකු’ වූ මිත්‍රයෙක් අලුත් ආරංචියක් දුන්නේය.
“ඊයේ ඩේලි නිව්ස් පත්‍රයේ අලුත් නළුවෙකු ඕනෑ කියල දැන්වීමක් දාල තිබුණා. උඹ මේකට ඉල්ලපන් උඹව තේරේවි. හෙට මම පත්තරේ අරං එන්නම්.”
“බලමු. බලමු.” සුමිත් ඒ ආරංචිය ගණනකට නොගෙනම කියා ඇත.
මිත්‍රයා ද වැඩේ අතහැරියේ නැත. ඔහු පත්තර දැන්වීම පමණක් නොව ‍පෝස්ට් කාඩ් එකක්ද රැගෙන පසුදා පැමිණියේය. දැන්වීම් පළකර තිබුණේ මීගමුවෙ මිනර්වා සමාගමේ බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්නය. මිතුරාගේ කරදරයට ඔහු ‍පෝස්ට් කාඩ් එක ලියා එය තැපැල් කිරීමේ වගකීම් ඔහුටම පැවරීය.
ගත වුයේ දින දෙකකි. ඊළඟ ඉරිදා දහවල් 2ට මීගමුවට පැමිණ තමා හමුවන ලෙස බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ අත්සනින් ‍පෝස්ට් කාඩ් එකක් පාසලට ලැබිණ. මෙය මිතුරාට සුමිත් පෙන්නුවේ ආඩම්බරය යටපත් කරගනිමිනි.අම්මාට පිං සෙණ්ඩු වී රුපියල් 10ක් ඉල්ලාගෙන මීගමුවට ගියේය. 
“මේ අපේ අලුත් ෆිල්ම් එකට සම්බන්ධ වෙන්න ඉන්න මිනර්වා එකේ අලුත්ම සාමාජිකයා.” බි.ඒ.ඩබ්ලිව්., එඩීට හා රුක්මණීට හඳුන්වා දුන්නේය. ටික වේලාවක් සුමිත් සමග කතාබහක යෙදුණු ඔවුන් සුමිත්ට අනුමැතිය දුන්හ.
“අද මෙහෙ නැවතිලා හෙට ගෙදර යන්න. මෙතැන රුපියල් 250ක් තියෙනවා. ඇඳුම් ටිකක් ගන්න. අපිට ඉන්දියාවට යන්න තියෙනවා.හාල් ‍පොත ආණ්ඩුවට දුන්නාම වීසා ලැබෙනවා. මතක තියාගන්නවා තමුසෙ තමයි ‘උමතු විශ්වාසය’ ෆිල්ම් එකේ ප්‍රින්සිපල් රෝල් එක (ප්‍රධාන චරිතය) රඟපාන්නේ.” බි.ඒ.ඩබ්ලිව්. දීර්ඝ දේශනාවක් අවසන් කරමින් කියා ඇත.තමාට ලැබුණු මුදලින් සුමිත් ඉස්තරම් කමිස කිහිපයක්ද කලිසම් කිහිපයක් ද සූට් කේස් එකක්ද මිලයට ගත් සුමිත් 1951 වසරේ දකුණු ඉන්දියාවේ සිටඩල් චිත්‍රාගාරය බලා පිටත් විය.

“මම යනකොට ඒ චිත්‍රාගාරය අසල ලොකු බංගලාවක් අපට නැවතීමට තෝරා ගෙන තිබුණා. මේ බංගලාවේ එඩී, රුක්මණී, මාක් සමරනායක, පීටර් පීරිස්, ක්ලැරිස් ද සිල්වා, මේබල් බ්ලයින් පමණක් නොව සින්දු ලිවීමට පැමිණි හර්බට් එම්. සෙනෙවිරත්නත් පැමිණ සිටියා. “දැන් තමුසෙටයි, ඩේසිටයි සිංදුවක් කියමින් රඟපාන්න තියෙන්නේ. තමුසේ කියන කොටස එඩී කියලා පෙන්නාවි. ඒක බලාගෙන සිංදුව කට පාඩම් කරගෙන රඟපානවා.”බි.ඒ.ඩබ්ලිව්. කිව්වා.
මා අසලට පැමිණි ඩේසි අක්කා මට ධෛර්ය දුන්නා.
“සුමිත් කිසිදේකට බයවෙන්න එපා. මම ළඟ ඉන්නවා. ඔයා දැන් සුමිත් ‍නෙවෙයි. චිත්‍රපටයේ සේනක. අපි දෙන්නා නීති ශිෂ්‍යයෝ. අපි පෙම්වත්තු. අපි දැන් සින්දුව කියමු.”
සින්දුව වාදනය වුණා. මම එඩී රඟපා පෙන්නූ විදිහට ඒ වචන කියමින් රඟපෑවා.
“සුදට සුදේ සිරිය දි‍ලේ පුන් සඳේ” මම කිව්වා.
“ගීත ගයා පීනමු පෙම් සාගරේ” රුක්මණී කිව්වා.
“සිරිය දි‍ලේ පුන් සඳේ සුදට සුදේ සිරිය දි‍ලේ පුන් සඳේ”
අපි දෙන්නාම ගැයුවා.
තම කුලුඳුල් රංගනය නිසා සුමිත් බිබි‍ලේ නම් නළුවාගේ නම එක රැයකින්ම ජනප්‍රිය විය. චිත්‍රපටයේ එන මියුරු පෙම් ගීත රසිකයන්ගේ තුඬග රැව් දුන්හ. ඔහුට පෙම් හසුන් ගලා එන්නට වූහ. පින්තූර ඉල්ලා එවූ ඉල්ලීම්ද බහුල විය. මේ අතර සුමිත් ජන ‍ලේඛන හා සංඛ්‍යා ‍ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ‍ලේඛන නිලධාරියෙකු ලෙස රජයේ සේවයට බැඳෙන්නේය. ඔහු යළිත් සිනමාවට පිවිසෙන්නේ වසර හතකට පසුවය. ඒ සිරිසේන විමලවීරගේ‘අසෝකා’ චිත්‍රපටයෙනි. ‘අසෝකා’ චිත්‍රපටයේ සුමිත්ගේ පෙම්වතිය වූයේ පුෂ්පා ජෙනට්ය. 
1930 නොවැම්බර් 27 වෙනිදා මහනුවරදී උපත ලැබූ බිබි‍ලේ විජේකෝන් හේරත් මුදියන්සේලාගේ ඩිංගිරි සුමිත් බණ්ඩාරට එක් පුතෙකු (දහම්) හා දියණියන් තිදෙනෙකු (ශ්‍රිමානි, සනෝජා, සමන්තා) වෙයි. සනෝජා චිත්‍රපට නිළියකි. සුමිත්ගේ බිරිඳ නන්දා පද්මිණී 2013 වසරේ ජීවිතයෙන් සමු ගත්තාය. මහනුවර මහාමායා විද්‍යාලයේ ඉගෙනුම ඇයට ධර්මරාජයේ උගත් සුමිත් හැමුවී ඇත්තේ පාසැල් විවාද තරන්ගයකදීය. සුමිත්චිත්‍රපට තුනකරඟපෑවේය. අවසන් වරට රඟපෑවේ 1969 තිරගත වූ හර්බට් එම්. සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කළ “සෙනෙහස” චිත්‍රපටයේය. 

පසු වදන

සුමිත් අප විදුහලේ සිටිනකාලේ මා සිටියේ අටේ පංතියේ ය. ඔහු එකල පළමු පෙළ පාපන්දු ක්‍රීඩා කරණු මට මතක ය.  එමෙන්ම ඔහු ජ්‍යෙෂ්ඨ කැඩෙට් කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි බවද මටකයි. වරක් ඔහු පාසැල් මිතුරන් පිරිසක් සමග ගිය දිගු බයිසිකල් සවාරියක් පිලිබඳ සපයූ තොරතරු රැගත් විස්තරයක් එකලවවිජ්යතිලක මහතාගේ සිරිත අනුව සිසු එසෙම්බ්ලියෙදී, කියැවීය.

ඔහු උමතු විශ්වාසය චිත්‍රපටියේ රඟපෑම සඳහා ඉන්දියාවට්ට ගොස්‌ සිටියදී ඒ බව දන්වා ද විජයතිලක මහතා වෙත එවූ   ලියුමක්ද ඒතුමා එසසෙම්බ්ලියේදීම දවසක්දා කියවීය. තමා විද්‍යාලයයේ සිටියදී කළ නොපනත්කම් වලට සමාව භජනය කරනමෙන් ද එහි ඉල්ලා තිබුණි !

 
Home ProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact Us