Home Profile Academics Facilities Projects Union Join Us Donate Contact Us
 
 
 
 

Dharmaraja News
දම්රද කවි

“පින්මඳ පුතුන් සියයක්  ලදුවත්       නිසරු

එක පුන්සඳින් දුරරුවෙයි  ලොව ගන අඳුරු “

සුභාෂිතය                         

 

රුවිනා දිලෙන දම්රද විදුහල                 නුවර

පිපපෙනා මලකි ආදී සිසුවන්              අගනුවර

පෙන්නා  සවිය දම්රද  සිසුවන්                 පවර

දුන්නා දානයෙන් මදි නැහැ පින්               සසර

 

ආදී සිසු   සමිතියට සිය වසරක්             ගෙවුනා

මදි  නැහැ සියක් නමකට දානය              දුන්නා

 

සියක් වසර  ගෙවු සිසු සමිතිය                       තුටින

සියක් නමක්  ඇරයුම් කර  සඟ                      රුවන

සියක් අටපිරකරද පුද කරපින්                        සිතින

දනක් දුන්න පින ඇතී නිවනට                       යන්න

 

චන්දන ඒකනායක  අපෙ ගරු                    සභාපති

පින්දෙන සිතින් දුන් දානය  අගෙයි                  නිති

සැමදින සේවයට කැපවු එස්. බී හේරත්  ද       මැති

කළ පින  මහත්සේ  පලදෙයි  සැක           නොමැතී

 

යටවර   උදය දානයටම       කැප             වෙනවා

ගැටවර  චමින්ද  ජයසූරිය පිරිකර               පිදුවා

වටකර ආදී සිසුවන් හැම එක රැස්            කරවා

බාහි ර   හැඟුම් නැහැ ඔබ හැම  සැම පින් කෙරුවා

 

චතුරංග ගොඩවත්ත  ඔබ කළ සේවය               ඉහළයි

චතුරංග  තෝරේ ඔබ කළ  පින්                        මහිමයි

ගාමිණී ජයසිංහ ඔබ කළ  පින්                           කදිමයි

සොයුරනි ඔබලා හැම දෙන කළ පින්                 පලදෙයි

 

මයුර පාද පිරිවෙනෙ නායක                                     හිමිට

වසර සියක් ගෙවලා කළ මේ                                    පිණට

පවර උතුම් පින් පෙත්    ලැබෙනවා   නීති                   ඔබට

කවර  ඉතින් ලැබෙයිදෝ  මේ වැනි                             සතුට

 

ආදි සිසු

උණවටුනේ  ආර්. විජේදාස කිවියර

 
Home ProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact Us